විගණකාධිපති ගොඩනැගිල්ලේ වෙළඳ පොළත් ළඟදීම

    June, 17, 2014

    කොළඹ නිදහස් චතුරශ්‍රයේ පිහිටි කලින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ තිබෙන අතර එය අලෙවිසැල් 42 ක වෙළඳ පොළක් ලෙස ලබන ජූලි අවසානයේ හෝ අගෝස්තු මුල විවෘත කිරීමට හැකියාව ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කියයි.

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් පෙරේරා මහතා අප සමග පැවසුවේ මෙම අලෙවිසැල් 42 කම දේශීය ව්‍යාපාරිකයින්ට ලබාදී තිබෙන බවයි.

    මෙම ගොඩනැගිල්ල මුල් වාස්තු විද්‍යා සැලසුම් සුරක්ෂිත වන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කරයි.