අධිවේගියේ වැසිකිලි යන්නත් ගාස්තුවක්

    June, 18, 2014

    දකුණු අධිවේගී මාර්ගයේ වැලිපැන්න විවේක ස්ථානයේ තිබෙන වැසිකිලි ආරම්භයේදී නොමිලේ භාවිතා කිරීමට අවස්ථාව ලබාදුන්නද ඒ සඳහා මේ වනවිට මුදල් අය කරනු ලබයි.

    මේ අනුව, වැලිපැන්න විවේක ස්ථානයේ තිබෙන වැසිකිලියකට යාම සඳහා රුපියල් 20 ක මුදලක් අයකරන අතර ඒ බව එම වැසිකිලි ඉදිරිපස දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කර තිබේ.

    මෙම මාර්ගයේ යන විශාල පිරිසක් මෙම විවේක ස්ථානයේ නතර වී සිය ගමන් විඩාව නිවා ගනිති.