June, 18, 2014
ශ්‍රී ලංකාවේ දිගු කාලීන ආර්ථික වර්ධනය තිරසාරව පවත්වාගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීමත් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමත් ඉතා වැදගත් සාධක බව ආසියානු සංවර්ධන බැංකුව අවධාරණය කරයි.
මේ අනුව, රාජ්‍ය හිමිකාරීත්වය සහිත ව්‍යවසාය කිහිපයක්ම එහි කාර්යක්ෂමතාවය, මූල්‍ය තත්ත්වය හා කළමනාකාරීත්වය ඉහළ යන පරිදි ප්‍රතිසංස්කරණය කළ යුතුව ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති, ටකෙහිකෝ නකඕ (Takehiko Nakao) මහතා අද කොළඹදී සඳහන් කළේය.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ සඳහා උදාහරණයක් බවත් එහි ජලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සඳහා පාරිභෝගිකයින්ගෙන් මුදල් ලබා නොගන්නා බවත් මෙම ප්රශ්නය විසඳා ගන්නේ නම් ජල සම්පාදන මණ්ඩලයට සියළු පිරිවැය පියවා ගනිමින් අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහාත් මුදලක් ඉතිරි කරගත හැකියැයි හෙතෙම පෙන්වා දුන්නේය.
Video Story