June, 18, 2014
යෝගට් ඇතුළු කිරි නිෂ්පාදන සිදු කරන ලකී ලංකා සමාගම මහජන කොටස් නිකුතුවක් කිරීමට සූදානම් වන අතර ඒ සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබේ.
මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 6.00 ක් වන සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 38 ක් සහ එකක් රුපියල් 3.00 ක් වන සාමාන්‍ය ඡන්ද රහිත කොටස් මිලියන 24 ක් නිකුත් කිරීමට සූදානම් වේ.
දිරිසවි පුවරුවේ ලයිස්තුගත කරන මෙම කොටස් නිකුතුව ඇරඹෙන්නේ 2014 ජූලි 07 වනදායි.
Video Story