June, 20, 2014
කාර්ගීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් “ත්‍රී කොයින්ස්“ බීර නිෂ්පාදන සමාගම කාර්සන් කම්බර්බැච් පී.එල්.සී සමාගමට හා කාර්ල්ස්බර්ග් මැලේසියා සමාගමට අයත් ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී සමාගම විසින් මිලදීගෙන තිබෙන බව ඉතා විශ්වාසවන්ත වෙළඳ පොළ ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.
ත්‍රී කොයින්ස් සමාගම මිලදීගැනීම සඳහා ඩිස්ටිලරීස් සමාගමද ලංසුවක් ඉදිරිපත් කර තිබුණු අතර කාර්ගීල්ස් සමූහයේ ලාභයට ත්‍රී කොයින්ස් බීර නිෂ්පාදන සමාගම සෘණාත්මකව බලපා තිබුණි.
ලයන් බෘවරි විසින් ත්‍රී කොයින්ස් සමාගම මිලදීගෙන තිබෙන්නේ රුපියල් බිලියන 05 කට ආසන්න මුදලකට බව වැඩිදුරටත් හෙළිවේ.
කාර්ගීල්ස් විසින් ත්‍රී කොයින්ස් බීර සමාගම 2011 වසරේදී රුපියල් බිලියන 1.4 කට මිලදීගත් අතර එහි ධාරිතාවය පුළුල් කිරීම සඳහාද ආයෝජනය කළේය.
මෙරට බීර වෙළඳ පොළේ වැඩිම කොටසක් අත්පත් කරගනිමින් වෙළඳ පොළ ප්‍රමුඛයා බවට පත්ව සිටින්නේ ලයන් බෘවරි සමාගමයි.
Video Story