NDB කැපිටල් හෝල්ඩින්ග්ස් කොටස් වෙළඳපොළින් ඉවතට

    June, 23, 2014

    ජාතික සංවර්ධන බැංකුව (NDB) සහ ඩී.එෆ්.සී.සී. බැංකුව ඒකාබද්ධ කිරීමට යාම හමුවේ NDB කැපිටල් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම් දී තිබෙන්නේ එම සමාගමේ සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළද පොළේ ගනුදෙනු කිරීම තාවකාලිකව අත්හිටුවන බවයි.

    මෙම සමාගමේ ප්‍රධානතම කොටස් කරුවා වන්නේ ජාතික සංවර්ධන බැංකුවයි. මේ අනුව, අධ්‍යක්ෂ මණ්ඩලය පවසා තිබෙන්නේ NDB කැපිටල් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමේ අනිකුත් පාර්ශව සතු කොටස් වලින් විකිණීමට කැමති කොටස් එකක් රුපියල් 600 ක් බැගින් මිලදී ගැනීම සඳහා ජාතික සංවර්ධන බැංකුව කැමැත්ත පළකර තිබෙන බවයි.

    ජාතික සංවර්ධන බැංකුව (NDB) සහ ඩී.එෆ්.සී.සී. බැංකුව ඒකාබද්ධ කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරගෙන යයි.