ඩොමේන් නාම ලියාපදිංචියට Google සැරසෙයි

    June, 24, 2014

    ලෝකයේ සුප්‍රසිද්ධ සෙවුම් යන්ත්‍රයක් වන ගූගල් විසින් තමාගේම ඩෝමේන් නාම ලියාපදිංචි කිරීමේ සේවාවක් ඇරඹීම සඳහා සූදානම් වනබව වාර්තා වේ.

    මේ පිළිබඳව වාර්තා කරමින් බී.බී.සී. පුවත් සේවාව සඳහන් කරන්නේ ගූගල් සමාගම විසින් සිය පාරිභෝගිකයින්ට සිය ව්‍යාපාර සඳහා ඩොමේන් නාම විකිණීමේ සේවාවක් ආරම්භ කිරීම සඳහා මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින බවයි.

    ඩොමේන් නාම විකිණීම සඳහා ගූගල් සූදානම් වන්නේ යැයි පුවත අනාවරණය වන්නේ GoDaddy සමාගම විසින් කොටස් නිකුතුවක් මගින් ඩොලර් මිලියන 100 ක් රැස්කර ගැනීමට සූදානම් වන්නේ යැයි වාර්තා වන පසුබිමකයි.

    GoDaddy යනු ලෝකයේ ඩොමේන් නාම ලියාපදිංචියේ දැවැන්තම සමාගම් වලින් එකකි.

    ගූගල් සමාගමේ මෙම නව නැඹුරුව GoDaddy වෙත කෙලින්ම තරගයක් එල්ල කරනු ඇතිබව විශ්ලේෂක මතයයි.