ජපානය රොබෝ ප්‍රවෘත්ති නිවේදිකාවන් හඳුන්වාදෙයි- Video

    June, 25, 2014

    අනාගතයේදී ප්‍රවෘත්ති නිවේදිකාවන් අවශ්‍ය නොවන්නට පුළුවන. ප්‍රවෘත්ති නිවේදිකාවන්ට මෙම තර්ජනය මතුව තිබෙන්නේ ජපාන විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් ලෝකයේ පළමු වරට රොබෝ ප්‍රවෘත්ති නිවේදිකාවන් හඳුන්වාදීම නිසයි.

    මෙම රොබෝ ප්‍රවෘත්ති නිවේදිකාවන් ඊයේ ටෝකියෝ නුවරදී එළිදක්වා තිබෙන අතර සිලිකන් සමකින් හා කෘත්‍රිම මාංශ පේෂීන් වලින් හැඩවූ මෙම ප්‍රවෘත්ති නිවේදිකාවන් සිය හැකියාවන් ප්‍රදර්ශනය කළබව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.

    වැඩිදුරටත් වාර්තා වන්නේ මොවුන්ට ඇහි බැම සහ ඇස් නැටවිය හැකි බවත් හිසද සෙලවිය හැකි බවයි.

    මෙය තවත් තාක්ෂණික විප්ලවයක ඇරඹුමක් බව ජපාන විද්‍යාඥයින් විසින් ප්‍රකාශ කර තිබේ.