July, 8, 2014
බැංකු විසින් රත්‍රන් ඇපයට තබාගෙන මේ වනවිට ලබාදෙන ණය වලට වඩා සියයට 15 ක් වැඩිපුර ණය මහ බැංකුව විසින් රන් භාණ්ඩ උකස් ණය සඳහා හඳුන්වා දී තිබෙන නව ඇප ආවරණ යෝජනා ක්‍රමය මගින් ලබාගත හැකිබව මහ බැංකුව කියයි.
මහ බැංකුව විසින් ජුනි 17 වනදා මෙම රන් ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය හඳුන්වා දුන් අතර මේ යටතේ වන රන් ණයවල පොලී අනුපාත සඳහා මහ බැංකුව විසින් පොලී අනුපාත සීමාවක්ද පනවා ඇත.
මෙම යෝජනා ක්‍රමය යටතේ රුපියල් 500,000 ක් දක්වා සියයට 15 ක සියළු ගාස්තු ඇතුළත් වාර්ෂික පොලී අනුපාතයකට රන් භාණ්ඩ උකස් ණය ලබාගත හැකිය.
ණය යෝජනා ක්‍රමයට සම්බන්ධ වීමට මහ බැංකුව සමග බැංකු කිහිපයක් ගිවිසුම් අත්සන් කර තිබෙන අතර ගොවීන්ට, සුළු පරිමාණ ව්‍යාපාරිකයින්ට මෙම ණය යෝජනා ක්‍රමය සහනයක් වනබව මහ බැංකුව සඳහන් කරයි.
Video Story