ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස්, පී.සී. ෆාර්මා ගනුදෙනු අත්හිටුවයි

    August, 8, 2014

    ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් පී.සී. ෆාර්මා සමාගමේ කොටස් වෙනුවෙන් අනිවාර්ය අර්පණයක් (Mandatory Offer) ලබාදී තිබියදීත් එහි කොටස් මිලියන 31 ක් විකුණා දැමීම හමුවේ අදාළ අනිවාර්ය අර්පණය (Mandatory Offer) පිළිබඳ තොරතුරු පැහැදිලි කරන තුරු එම සමාගම් දෙකේ කොටස් වෙළඳ පොළ ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළඳ පොළ තීරණය කර තිබේ.

    මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් කොළඹ කොටස් වෙළඳ පොළේ වෙළඳ පොළ සංවර්ධන ප්‍රධානී, නිරෝෂන් විජේසුන්දර පැවසුවේ අදාළ තොරතුරු පැහැදිලි කරන තුරු ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සහ පී.සී. ෆාර්මා සමාගම්වල කොටස් ගනුදෙනුවීම අද උදෑසන පටන් අත්හිටවූ බවයි.