August, 8, 2014
මෙරට ණය පිළිබඳව නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන අතර එහිදි අනාවරණය කර තිබෙන්නේ 2014 ජූනි මාසය අවසන් වනවිට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) සාපේක්ෂව ලංකාවේ ණයබර සියයට 74.3 ක් දක්වා අඩුවී තිබෙන බවයි.
මෙරට ණය 2013 වසර අවසන් වනවිට දළ දේශීය නිෂ්පාදිතයට (GDP) ප්‍රතිශතයක් ලෙස සියයට 78.3 ක් විය.
එය 2005 වසරේදී තිබුණේ සියයට 90.6 ක් තරම් ඉහළ අගයකයි. මහ බැංකුව පෙන්වා දෙන්නේ 2014 ජුනි මාසය අවසානයේදී රජයේ ණය වලින් සියයට 41.4 ක් දේශීය ණය වලින් හා සියයට 32.9 ක් විදේශීය ණය වලින් සමන්විත වූ බවයි.
Video Story