August, 9, 2014
මෙරට ඉතිහාසය තුළ පළමු වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 09 ක සීමාව පසුකිරීමට සමත්ව තිබෙන බව මහ බැංකුවේ අධිපතිවරයා කියයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසුවේ ඊයේ දිනයේ මෙම සීමාව පසුකළ බවයි.
පසුගිය මැයි මාසය අවසන් වනවිට මහ බැංකුවේ නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 8.8 ක්වූ අතර එය මාස 5.9 ක ආනයන වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් විය.
මේ වසර අවසන් වනවිට නිළ විදේශ සංචිතය ඩොලර් බිලියන 10 ක් දක්වා ඉහළ දැමීමට ලංකාව ඉලක්ක කර තිබේ.
Video Story