August, 11, 2014
පසුගිය 08 වනදා පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළ වෙත කළ අනාවරණය පිළිබඳව සවිස්තර තොරතුරු ලැබෙන තුරු පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමට කොළඹ කොටස් වෙළඳ පොළ තීරණය කර තිබේ.
පසුගිය සිකුරාදා පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට අනාවරණය කර තිබුණේ බෙයිකෝ ලින්ක් කාබන්ස් සමාගමේ සියයට 100 ක කොටස් එම්.එම්.ඩී. වෙන්චර් ලංකා සමාගමට ජූලි 02 වනදා විකුණා දැමූ බවයි.
මේ අතර, පී.සී. ෆාර්මා සහ ඇඩම් ඉන්වෙස්ට්මන්ට් යන සමාගම්වල කොටස් වෙළඳ පොළ ගනුදෙනුද පසුගිය සිකුරාදා අත්හිටුවීමට කොටස් වෙළඳ පොළ කටයුතු කළ අතර එය තවමත් ක්රියාත්මකය.
Video Story