August, 15, 2014
ලක්සම්බර්ග් පදනම්කරගත් GEM Global Yield Fund LLC SCS නැමති අරමුදල විසින් නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමේ සාමාන්‍ය කොටස් මිලියන 1.2 ක් පුද්ගලික කොටස් ගනුදෙනුවක් (Private Placement) මගින් මිලදී ගනිමින් රුපියල් මිලියන 8.3 ක් මූලික අදියරේදී ආයෝජනය කිරීමට එකඟ වී ඇත.
මෙහිදී කොටසක් මිලදී ගන්නේ රුපියල් 6.85 ක් බැගිනි.
ඊළඟ අදියර වලදී GEM Global Yield Fund අරමුදල විසින් පුද්ගලික කොටස් ගනුදෙනු (Private Placements) මගින් නේෂන් ලංකා ෆිනෑන්ස් සමාගමේ රුපියල් මිලියන 700 ක් දක්වා මුදල් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබේ.
Video Story