අපේ රුපියල පෑ පෙරළි මෙන්න!

    August, 25, 2014

    මේ වසරේ මුල් මාස 08 තුළදී ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 0.45 කින් අධි ප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    මීට අමතරව, 2014 ජනවාරි 01 වනදා සිට අගෝස්තු 18 වනදා දක්වා රුපියල යුරෝ වලට සාපේක්ෂව සියයට 3.50 කින් අධි ප්‍රමාණය වී තිබෙන අතර කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 2.62 කින් අධිප්‍රමාණය වී ඇත.

    එසේම, මෙම කාලයේදී රුපියල චීන රෙන්මින්බි මුදල් ඒකකයට සාපේක්ෂව සියයට 1.87 කින් අධිප්‍රමාණය වී තිබේ. ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 0.99 කින්ද, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 1.40 කින්ද, සිංගප්පූරු ඩොලරයට සාපේක්ෂව සියයට 1.22 කින්ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 3.79 කින්ද මෙම කාලයේදී රුපියල අව ප්‍රමාණය වී ඇත.