ඉන්දීය සමාගමක් ඩොලර් මිලියන 10 ක ආයෝජනයක් සමග එයි

    August, 27, 2014

    ලෝකයේ ඉතාමත් ජනප්‍රිය ධාන්‍යමය ආහාරයක් වන ඕට් ආශ්‍රිත නිෂ්පාදන අපනයන වෙළඳ පොළ වෙනුවෙන් නිපදවීමට ඩොලර් මිලියන 10.5 ක ආයෝජනයකින් මීරිගම අපනයන සැකසුම් කළාපයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ඉන්දියානු සමාගමක් සූදානම් වේ.

    මේ අනුව, Aussee Oat Milling Pvt Ltd නැමති ඉන්දියානු සමාගම සමග ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේ සඳහා ගිවිසුමකට එළඹ ඇත. Aussee Oat Milling Pvt Ltd යනු Future Consumer Enterprise සහ SVA India Ltd යන සමාගම් දෙකේ ව්‍යාපාරික හවුලක් බවත් මෙම සමාගම් දෙකම එරට කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වී තිබෙන බවත් සඳහන්ය.

    මෙම කර්මාන්ත ශාලාවෙන් සිදුකරන නිෂ්පාදන ලංකාවට ආසන්න රට වලට අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.