September, 5, 2014
කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත ආයෝජන මණ්ඩලයේ අනුමත ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් පී.එල්.සී සමාගම සතුව මෙරට ප්‍රමුඛතම තේ අපනයන සමාගමක් වන ක්ලැසික් ටී ප්‍රයිවට් ලිමිටඩ් හි, තිබූ සියළුම කොටස් කල්කටාව පදනම් කරගත් සමාගමකට විකිණීමට සූදානම් වේ.
මේ අනුව, ක්ලැසික් ටී සමාගමේ, ලංකා ඇලුමිනියම් ඉන්ඩස්ට්‍රීස් සතුවන සියයට 69.7 ක සම්පූර්ණ කොටස් ප්‍රමාණය හෙවත් කොටස් මිලියන 03 ක් කල්කටාවේ ඒෂියන් ටී කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත විකිණීම සඳහා එකඟ වී තිබෙන්නේ කොටසක් රුපියල් 25.59 කටයි. මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 76.7 කට ආසන්න වේ.
ක්ලැසික් ටී සමාගම තේ බෑග්, විශේෂ තේ, රසකළ තේ, අයිස් තේ, සුදු තේ, සහ තේ තොග වශයෙන් ලංකාවේ සිට අපනයනය කරයි.
මෙම මිලදීගැනීම සිදුකරන කල්කටාවේ ඒෂියන් ටී කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් සමාගමද ඉන්දියාවේ සිට තේ අපනයනය කරන සමාගමකි. ඉන්දියාවේ සිට කසකස්ථානයට සහ මැදපෙරදිග රටවලට වැඩිපුරම තේ අපනයනය කරන සමාගම් අතර මෙය තිබේ.
Video Story