September, 9, 2014
එංගලන්තයේ Wilkins Group නැමති සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 03 ක පමණ ආයෝජනයකින් ගම්පහ දිස්ත්‍රික්කයේ මාවරමණ්ඩියේ අති නවීන ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ගොඩනැගීමට සූදානම් වේ.
මෙම ව්‍යාපෘතිය සඳහා Wilkins Spence Sri Lanka යනුවෙන් සමාගමක් පිහිටුවා තිබෙන අතර පසුගියදා මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම ආරම්භ කරන ලදී.
වර්ග අඩි 40,000 කින් සමන්විත මෙම කර්මාන්තශාලාව විවෘත කිරීමට සැලසුම් කර තිබෙන්නේ 2015 වසරේ මැද භාගයේදීයි.
මෙම සමාගම ඇමරිකාවේ හා යුරෝපීය සංගමයේ කැපී පෙනෙන සන්නාම සඳහා ඇසුරුම් විසඳුම් ලබාදෙන අතර නව කර්මාන්ත ශාලාව සඳහා බඳවා ගන්නා 150 ක් වන සේවක පිරිසට යුරෝපීය සංගමයට සහ ඇමරිකාවට අදාළ වන මුද්‍රණ හා තත්ත්ව සහතික පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමට අදහස් කර ඇත.
Photo caption: At the foundation stone laying ceremony (from left) Director of Wilkins Spence Sri Lanka Yasantha Suriyapperuma, Group Chairman and Managing Director of the Wilkins Group UK Andre Wilkins, Finance Director of Wilkins Group Ann Wilkins, Head of Packaging at Marks & Spencer PLC UK Kim Phillips and Head of GM Packaging – Production, Quality & Sourcing Trevor Hatchett