ඔරියන්ට් ගාමන්ට්ස් සල්ලි ගහ හොලවයි

    September, 9, 2014

    එකක් රුපියල් 15 ක් වන නව සාමාන්‍ය කොටස් මිලියන 54.9 ක් හිමිකම් නිකුතුවක් (Rights Issue) ලෙස නිකුත් කිරීමට ඔරියන්ට් ගාමන්ට්ස් පී.එල්.සී. සමාගම තීරණය කර ඇත.

    සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අද මෙම තීරණය ගෙන තිබෙන අතර මේ තුළින් රැස්කර ගැනීමට යන මුදල රුපියල් මිලියන 810 කට ආසන්න වේ.

    දැනට තිබෙන සාමාන්‍ය කොටස් එකක් වෙනුවෙන් නව සාමාන්‍ය කොටසක් බැගින් නිකුත් කිරීමට සමාගම අදහස් කර ඇත.

    පී.සී. හවුස් හෝල්ඩින්ග්ස් සමාගමට අයත් ඔරියන්ට් ගාමන්ට්ස් සතුව ඇඟලුම් කර්මාන්ත ශාලා 05 ක් තිබෙන අතර එයට ඇඟලුම් කර්මාන්තය පිළිබඳව වසර 28 කට වැඩි අත්දැකීම් ඇත.