Exclusive- හැරී ප්‍රමුඛ එයිට්කන් ස්පෙන්ස් පිරිවර පාසිකුඩා Amethyst Resort වෙත බැල්ම හෙලයි

    September, 9, 2014

    Amethyst Leisure (Pvt) Limited සමාගමට අයත් පළමු හෝටලය වන 2011 වසරේ පාසිකුඩාහි, අක්කර 10 ක භුමි භාගයක ඉදිකළ Amethyst Resort නැමති සුන්දර හෝටලය මිලදීගැනීම සඳහා මෙරට ප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා නායකත්වය දෙන එයිට්කන් ස්පෙන්ස් සමාගම සූදානම් වන්නේ යැයි ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් අප වෙත අනාවරණය වේ.

    මෙම මිලදී ගැනීමට අදාළව මේ වනවිටත් සාකච්ඡා වට ගණනාවක්ම පවත්වා තිබේ.

    2012 මාර්තු මාසයේදී මෙහෙයුම් කටයුතු ඇරඹි මෙම හෝටලය ඉදික‍ළේ රෝහිණී නානායක්කාර මහත්මිය සහ රාජන් ආසීර්වාතම් මහතාද අධ්‍යක්ෂ ධූරයන් හොබවන Arrc Capital සමාගම විසින් වන අතර ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෝටලය විවෘත කරන ලදී.

    එයිට්කන් ස්පෙන්ස් සමූහයට අයත් එයිට්කන් ස්පෙන්ස් හෝටල් සමාගම (Aitken Spence Hotels) විසින් ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ඕමානය යන රටවල ප්‍රමඛතම හෝටල් රැසක මෙහෙයුම් කටයුතු කරයි.

    Amethyst Resort හි සේයාරූ පෙළක් පහතින්.abcd