September, 15, 2014
ඔඩෙල් පී.එල්.සී. සමාගමේ නිකුත් කර තිබෙන සෙසු සාමාන්‍ය කොටස් සියල්ල මිලදී ගැනීම සඳහා සොෆ්ට්ලොජික් සමූහයට අයත් සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සහ සොෆ්ට්ලොජික් රිටේල් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගම් විසින් අනිවාර්ය අර්පණයක් (Mandatory offer) නිකුත් කර තිබේ.
සොෆ්ට්ලොජික් සමූහය විසින් පසුගියදා ඔඩෙල් සමාගමේ සියයට 45.16 ක කොටස් රුපියල් බිලියන 2.7 කට මිලදීගන්නා ලදී. මෙම මිලදී ගැනීම කොටසක් රුපියල් 21.80 ත් රුපියල් 22.00 අතර මිලකට සිදුකළ අතර සොෆ්ට්ලොජික් පවසා තිබෙන්නේ ඔඩෙල්හි, ඉතිරි සියයට 54.84 ක් වන කොටස් ප්‍රමාණය කොටසක් රුපියල් 22 බැගින් මිලදී ගැනීමට සූදානම් බවයි.
Video Story