September, 16, 2014
කාම්බෝජයේ ක්ෂුද්‍ර මූල්‍යයන සමාගමක් වන TPC (Thaneakea Phum Cambodia) සමාගමේ කොටස් සියයට 60 ක් ඩොලර් මිලියන 20.3 ක මුදලකට මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන LOLC විසින් මිලදී ගනී.
LOLC විසින් මෙම මිලදීගැනීම කර තිබෙන්නේ සමාගමට පූර්ණ අනුබද්ධ LOLC මයික්‍රෝ ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම මගින් වන අතර මෙම මිලදී ගැනීමට අදාළව දෙරටේම බළධාරීන්ගෙන් අදාළ අනුමැතියන් LOLC විසින් ලබාගෙන තිබේ.
TPC (Thaneakea Phum Cambodia) යනු කාම්බෝජය තුළ පස්වැනියට විශාලතම ක්ෂුද්‍ර මූල්‍යයන සමාගම වන අතර එමගින් ලබාදී තිබෙන ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 100 කට ආසන්නය. මෙම සමාගමට කාම්බෝජය තුළ ශාඛා 52 ක් තිබෙන අතර සිටින ගනුදෙනු කරුවන් ප්‍රමාණය 170,000 ක් පමණ වේ.
මෙම සමාගමට ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් තිබෙන බවත් සියයට 16.8 ක ප්‍රාග්ධන ප්රමාණත්ව අනුපාතයක් සමාගම විසින් පවත්වාගෙන යන බවත් සඳහන්ය.
LOLC විසින් විදේශීය සමාගමක් මිලදීගත් දෙවන අවස්ථාව මෙයවේ. මීට පෙර, 2006 වසරේදී කාම්බෝජයේ දැවැන්තම ක්ෂුද්‍ර මූල්‍යයන සමාගම වන PRASAC Micro Finance Institution Ltd හි, කොටස් මිලදීගත් අතර එහි සියයට 22.25 ක කොටස් මේ වනවිට LOLC සමූහයට අයත්ය. මෙම සමාගම විසින් ලබාදී තිබෙන ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 485 ක් පමණ වේ.
මේවාට අමතරව, LOLC විසින් මියන්මාරය තුළද ක්ෂුද්‍ර මූල්‍යයන ව්‍යාපාරික කටයුතු LOLC Myanmar Finance Company Ltd මගින් සිදුකරයි. LOLC පවසන්නේ කාම්බෝජයේ සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍යයන ව්‍යාපාරික කටයුතුවල ඉහළ ප්‍රගතියක් තිබෙන බවයි.
Video Story