September, 16, 2014
මෙරට විශාලතම විදුලි බලාගාර ව්‍යාපෘතිය වන නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවැනි අදියර විවෘත කිරීමේ අද පස්වරුවේ නොරොච්චෝලේ පැවති උත්සවය අමතමින් බලාගාරයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා වන China Machinery and Engineering Corporation (CMEC) සමාගමේ නියෝජිතයෙකු පැවසුවේ බලාගාරයේ විශ්වසනීයත්වය තිබුණාට වඩා මේ වනවිට වැඩිකර තිබෙන බවයි.
මෙම බලාගාරය පසුගිය කාලයේදී කිහිප අවස්ථාවකදීම අක්‍රීය වූ අතර එවිට එහි ප්‍රධාන කොන්ත්‍රාත්කරුවා වන China Machinery and Engineering Corporation (CMEC) සමාගමට දැඩි චෝදනාවක් එල්ල විය.
චීන සංස්කෘතික සංදර්ශන වලින් හැඩවූ මෙම උත්සවයේදී China Machinery and Engineering Corporation (CMEC) සමාගමේ නියෝජිතයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක ලෙස සමාගම විසින් අවසන් කළ බවයි.
මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සමාගමේ ඇතැම් ඉංජිනේරුවන් වසර 06 ක් පමණ ශ්‍රී ලංකාවේ රැඳී සිටි බව හෙතෙම සඳහන් කළේය.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තෙවන අදියර විවෘත කිරීම චීන ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමට සමගාමීව සිදුවන අතර මින් ජාතික පද්ධතියට මෙගාවොට් 900 ක සමස්ත විදුලිය ධාරිතාවයක් සපයයි.