September, 24, 2014
රුපියල් 07 බැගින් වන සාමාන්‍ය කොටස් මිලියන 109.6 ක් දැනට සමාගමේ සිටින කොටස් කරුවන්ටම හිමිකම් නිකුතුවක් (Rights Issue) ලෙස නිකුත් කරමින් රුපියල් මිලියන 767.3 ක් රැස්කර ගැනීමට අරමුදල් කළමනාකරුවෙකු මෙන්ම ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අසංග සෙනෙවිරත්න මහතා නායකත්වය දෙන අනිලානා හොටෙල්ස් ඇන්ඩ් ප්‍රොපර්ටීස් පී.එල්.සී. සමාගම සූදානම් වේ.
මේ අනුව, මෙම නිකුතුව සිදුකරන්නේ දැනට තිබෙන සෑම කොටස් හතකටම කොටස් දෙකක් බැගිනි.
මේ වනවිට, සමාගමේ රුපියල් බිලියන 03 කට ආසන්න ප්‍රාග්ධනයක් තිබෙන බවත් එය සාමාන්‍ය කොටස් මිලියන 383 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත බවත් සඳහන්ය.
මෙම මුදල් වලින් රුපියල් මිලියන 160 ක් පමණ සමාගමේ ණය ගෙවීම සඳහාත් ඉතිරි රුපියල් මිලියන 600 ක් පමණ ප්‍රමාණය සමාගමට පූර්ණ අනුබද්ධ දඹුල්ල හොටෙල් රිසෝර්ට් ඇන්ඩ් කන්ට්‍රි ක්ලබ් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් සිදුකරන දඹුල්ලේ හෝටල් ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජනය කිරීමටත් සැලසුම් කර තිබේ.
මෙම සමාගම විසින් ගිය වසරේ ජුනි මාසයේදී මහජන කොටස් නිකුතුවක් (Initial Public offer) කරමින් රුපියල් මිලියන 480 ක මුදලක් රැස්කර ගත් අතර එම මුදල් යොදවනු ලැබුවේ සමාගමේ නිලාවැලි, පාසිකුඩා සහ දඹුල්ල හෝටල් ව්‍යාපෘති වලටයි.
Video Story