September, 24, 2014
ලෝකයේ මෙතෙක් සිදුකළ දැවැන්තම මහජන කොටස් නිකුතුව චීනයේ Alibaba ඊ-වාණිජ්‍යය සමාගම විසින් සිදුකිරීමෙන් පසුව චීනයේ අංක එකේ ධනවතා බවට මෙම සමාගමේ සමාරම්භක ජැක් මා පත්ව ඇතැයි නවතම සමීක්ෂණ වාර්තා අනාවරණය කරයි.
මෙම වාර්තාවන්ට අනුව ජැක් මා නැමැත්තාගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 25 කි. ඔහුගෙන් පසුව චීනයේ දෙවැනි ධනවතා බවට පත්ව තිබෙන්නේ Wanda සමූහයේ සභාපති, වැන්ග් ජියාන්ලින් නැමැත්තායි. 
Alibaba Group Holding Ltd (BABA.N) විසින් සිදුකළ මහජන කොටස් නිකුතුව තුළින් ඩොලර් බිලියන 25 ක මුදලක් රැස්කර ගත් අතර එය ලොව මෙතෙක් සිදුකළ විශාලතම මහජන කොටස් නිකුතුව විය.
මෙම මහජන කොටස් නිකුතුවට පෙර ලෝකයේ දැවැන්තම මහජන කොටස් නිකුතුව සිදුකළේ 2010 වසරේදී Agricultural Bank of China Ltd (601288.SS) විසිනි. එහිදී, ඩොලර් බිලියන 22.1 ක් රැස්කර ගෙන තිබුණි.
ජැක් මා විසින් අලිබාබා සමාගම 1999 දී ආරම්භ කළ අතර සමාගමේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 7.5 ක් පමණ වේ.
සේයාරුවේ සිටින්නේ අලිබාබා නිර්මාතෘ ජැක් මා නැමැත්තායි.
Video Story