ප්‍රංශයේ අංක එකේ සමාගමක් ලංකාවට ඇතුළු වෙයි

    September, 29, 2014

    ප්‍රංශයේ අංක එකේ සහ ලෝකයේ තුන්වන දැවැන්තම බහාලුම් නාවික සමාගම වන CMA-CGM ශ්‍රී ලංකාවේ හේලීස් සමූහය සමග එක්වී නව ආයෝජන ව්‍යාපෘතියක් අරඹයි.

    මේ අනුව, මෙම සමාගම් දෙක විසින් අළුතින් ආරම්භ කළ CMA-CGM Shared Service Centre Lanka (Pvt) Ltd විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමකට එළඹුණේ අපනයන වෙළඳ පොළට සේවා සැපයීම වෙනුවෙන් ව්‍යාපාර ක්‍රියාවලී බාහිරකරණ මධ්‍යස්ථානයක් (business processing outsource) මෙරට පිහිටුවීම සඳහායි.

    මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 2.4 ක මුදලක් ආයෝජනය කරන අතර මූලික අදියරේදී 750 දෙනෙකුට රැකියා ලබාදීමට බලාපොරොත්තු වේ. ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නිමාකිරීමෙන් පසුව ලබාදීමට සැලසුම් කර තිබෙන රැකියා ප්‍රමාණය 2000 කි.
    මෙම ව්‍යාපෘතියෙන් සියයට 90 ක් CMA-CGM agencies worldwide සමාගමට සහ සියයට 10 ක් Hayleys Advantis Ltd සමාගමට අයත් වේ.

    Video Story

    Stock Market

    Exchange Rates