September, 29, 2014
Union Bank of Colombo PLC සමාගමේ සියයට 70 කට ආසන්න කොටස් ප්‍රමාණයක් මිලදී ගැනීමට පසුගියදා ගිවිසුමකට පැමිණි කේමන් දූපත්වල සංස්ථාපනය කරන ලද කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගම අදාළ ගනුදෙනුවට අදාළ මුදල් යුනියන් බැංකුවට ගෙවා තිබේ.
මේ අනුව, මෙම සමාගම විසින් අදාළ කොටස් ගනුදෙනුව වෙනුවෙන් යුනියන් බැංකුවට රුපියල් බිලියන 11.4 ක මුදලක් ගෙවා ඇත.
ඇමරිකාව පදනම් කරගත් ලොව විශාලතම පුද්ගලික ආයෝජන සමාගමක් වන TPG සමාගමේ ආසියාව ඉලක්ක කරගත් ආයෝජන අරමුදල වන TPG Asia VI,L.P., සහ එයට අනුබද්ධ සමාගම් විසින් වක්‍රාකාරව TPG Asia SF Pte.Ltd සමාගම හරහා කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් නැමති මෙම ආයෝජන සමාගමේ සියයට 100 ක කොටස් අයිතියට හිමිකම් කියයි.
මෙහිදී, මෙම සමාගම විසින් පුද්ගලික කොටස් ගනුදෙනුවක් (Private Placement) ලෙසින් Union Bank of Colombo PLC සමාගමේ ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් මිලියන 742.1 ක් කොටසක් රුපියල් 15.30 ක් බැගින් මිලදී ගන්නා අතර කොටස් බලපත්‍ර මිලියන 218.2 ක් පුද්ගලික කොටස් ගනුදෙනුවක් ලෙසින් එකක් ශත 0.30 කට හිමිකර ගනී.
මෙම ගනුදෙනුව සඳහා Union Bank of Colombo PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අවසර ලබාගෙන ඇත. මෙහිදී, කල්චර් ෆයිනෑන්ෂල් හෝල්ඩින්ග්ස් සමාගමට Union Bank of Colombo PLC සමාගමේ කොටස් සියයට 75 ක් දක්වා මිලදී ගැනීම සඳහා මෙම අවසරය ලැබී ඇත.
කොටස් හා කොටස් බලපත්‍ර විකිණීමෙන් ලැබෙන මුදල් Union Bank of Colombo PLC සමාගමේ පළමු පෙළ ප්‍රාග්ධනය ශක්තිමත් කිරීමට යෙදවීමට අපේක්ෂා කරන අතර මේ තුළින් මහ බැංකුව පනවා තිබෙන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සපුරා ගැනීමට සමාගමට හැකිය.
Video Story