කලම්බෝ සිටි හෝල්ඩින්ග්ස් දේපොළක් විකිණේ

    October, 1, 2014

    ඒ.ජී.වීරසිංහ මහතා සභාපති ධූරය උසුලන ඖෂධ වෙළඳාමේ නියුතු ලයිස්තුගත කලම්බෝ සිටි හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම විසින් තමන්ට අයත් දේපොළක් රුපියල් මිලියන 206.6 කට විකුණා තිබේ.

    මේ අනුව, සමාගම විකුණා තිබෙන්නේ සමාගමට අයත්ව තිබූ කොළඹ 04, ගාලු පාරේ, අංක 740 දරණ ස්ථානයේ පිහිටි දේපොළයි.

    මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස ආර්.එන්. ආසීර්වාතම්, ආර්.පී. සුගතදාස, ඊ.එම්.එම්. බෝයගොඩ, ඩී.ඒ.බී. දසනායක, ඊ. වික්‍රමනායක සහ කේ.ටී. එහ්ලර් යන අය කටයුතු කරයි.