October, 3, 2014
සෞදි ආරාබිය විසින් අලෙවි කරන ඛනිජ තෙල්වල මිල අඩුකිරීම හමුවේ ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල්වල මිල වසර දෙකකට පසුව වාර්තාවන අඩුම අගය දක්වා පහළ බැස තිබෙන බව වාර්තා වේ.
සෞදි ආරබිය විසින් මෙම මිල අඩුකිරීම කර තිබෙන්නේ ලෝක වෙළඳ පොළේ ඉල්ලුමට සාපේක්ෂව ඉහළ ඛනිජ තෙල් සැපයුමක් ඇතැයි ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් කරන තිබෙන පුරෝකතනය හේතුවෙනුයි.
මේ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 01 කට වඩා පහළ ගොස් ඩොලර් 93 ක්වී තිබෙන බවත් එය 2012 ජුනි මාසයෙන් පසුව වාර්තා වන අඩුම මිල බවත් සඳහන්ය.
මේ අතර, ඇමරිකානු ලයිට් කෘඩ් නැමති බොරතෙල් බැරලයක මිලද ඩොලර් 90 කටත් වඩා පහළට වැටී තිබෙන අතර එවැනි අඩුවීමක් සිදුව තිබෙන්නේ මාස 17 කට පසුව පළමු වතාවටයි.
ලෝක වෙළඳ පොළට සපයන ඛනිජ තෙල්වල මිල අඩුකරන බව පසුගිය බදාදා සෞදි ආරාබිය විසින් ප්‍රකාශයට පත්කළ අතර විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සිය වෙළඳ පොළ කොටස තවදුරටත් පවත්වාගැනීම සඳහා සෞදි ආරාබිය විසින් මෙම තීරණය ගත් බවයි.
මේ වනවිට, අමරිකාව හා ඔපෙක් රටවල් විසින් ලෝක වෙළඳ පොළට සපයන ඛනිජ තෙල් ප්‍රමාණය වැඩිකර තිබේ.
පසුගියදා මෙරට අලෙවි කරන ඛනිජ තෙල් මිල ගණන් අඩුකිරීමක් කළ අතර එහිදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 05 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 03 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩු කරන ලදී.
Video Story