October, 9, 2014
මෙරට සිගරැට් අලෙවියේ ඒකාධිකාරය උසුලන ලංකා දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දුම්කොළ කර්මාන්තය පිළිබඳව විසිපස් වසරක අත්දැකීම් ඇති කෙනට් ජෝර්ජ් ඇලන් නැමැත්තා පත්කර තිබේ.
ඔහු 1988 දී රැකියාව ආරම්භ කර තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ රොත්මන්ස් සමාගමෙන් වන අතර 1999 දී ඔහු බ්‍රිටිෂ් ඇමරිකන් ටුබැකෝ සමාගමට එක්වී ඇත.
මොහු ලංකා දුම්කොළ සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔක්තෝම්බර් 07 වනදා සිට පත්කර තිබෙන අතර සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සැදුම්ලත් වන්නේ සභාපති, සුසන්ත රත්නායක, ප්‍රධාන විධායක නිළධාරී සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ෆෙලිසියෝ ෆෙරාස්, මූල්‍ය අධ්‍යක්ෂවරයා වන ස්ටෙෆාන් මතීසන්, විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන ප්‍රෙමිලා පෙරේරා, ජාවඩ් ඉක්බාල්, දිනේෂ් වීරක්කොඩි, කෙනට් ජෝර්ජ් ඇලන් යන අයගෙනි.
Video Story