ධම්මික, රොසෙල් ඕස්ට්‍රේලියාවටත් ගෙනයයි

    November, 7, 2014

    ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා නායකත්වය දෙන රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමට අනුබද්ධව ඕස්ට්‍රේලියාවේ තොග හා සිල්ලර වශයෙන් ටයිල් හා නාන කාමර කට්ටල විකිණීම සඳහා නව සමාගමක් සංස්ථාපනය කර තිබේ.

    මෙම සමාගම රොසෙල් ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් හඳුන්වන අතර මේ සඳහා ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 61.5 ක් ආයෝජනය කර තිබේ.

    රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා ලෙස ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා කටයුතු කරයි.

    Video Story

    Stock Market

    Exchange Rates