රජයේ යතුරු පැදි ඇනවුමෙන් බජාජ් කොටස් මිල ඉහළට

    December, 23, 2014

    ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාවේ බජාජ් සමාගමෙන් “ඩිස්කවර්“ යතුරු පැදි 125,000 ක් මිලදීගැනීමට එකඟවීම හමුවේ සමාගමේ කොටස් මිල ඉහළ ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මෙය රජය විසින් බජාජ් සමාගමෙන් සිදුකර තිබෙන දෙවැනි ඇනවුම බවත් මීට පෙර “ඩිස්කවර්“ යතුරු පැදි 50,000 ක් බජාජ් සමාගමෙන් ඇනවුම් කර තිබුණු බවත් ඉන් යතුරු පැදි 48,000 ක් පමණ මේ වනවිටත් ලංකාවට එවා තිබෙන බවත් සඳහන්ය.

    බජාජ් සමාගම විසින් එරට කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ දෙවැනි ඇනවුමට අදාළ යතුරු පැදි ඉදිරි මාස 3-4 ඇතුළත ලංකාවට එවන බවයි.

    මෙරට රාජ්‍ය සේවකයින්ට යතුරු පැදි ලබාදීමේ ව්‍යාපෘතියක් රජය විසින් ආරම්භ කර තිබේ.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates