මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනේ අළුත්ම තත්ත්වය මෙන්න!

    January, 1, 2015

    මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුව, එම්.සී.එස්.එල්. ෆයිනෑන්ෂල් සර්විසස්, එම්.බී.එස්.එල් ඉතිරි කිරීමේ බැංකුව ඒකාබද්ධ කිරීමේ කටයුතු අවසන් අදියරට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

    නුදුරු දිනකදී මෙම ඒකාබද්ධ කිරීමෙන් පසුව මෙම ආයතනය ලියාපදිංචි වූ සමාගමක් ලෙස ක්‍රියාත්මක වනු ඇත.

    මේ අතර, මහ බැංකුව පවසා තිබෙන්නේ, ඩී.එෆ්.සී.සී, ජාතික සංවර්ධන බැංකුව හා ඩී.එෆ්.සී.සී. වර්ධන බැංකුව ඒකාබද්ධ කිරීමට පහසුකම් සලසන ඩී.එෆ්.සී.සී. බැංකුවේ සාංගමික ව්‍යවස්ථා වලිය සඳහා මහ බැංකුව අනුමැතිය ලබාදී තිබෙන බවයි.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates