itv ටෙලිකතාවක් ශ්‍රී ලංකාවේ රූගත කෙරේ. කොටස් 6 ට වියදම පවුම් මිලියන 3.4 යි

    May, 23, 2017

    ජාත්‍යන්තර රූපවාහිනී සිනමා නිෂ්පාදන සඳහා පසුතල සැපයීමේ රටක් ලෙසින් ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමට සංචාරක අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ. මෙරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී හා සිනමා විද්වතෙකු වන සුලින් රත්නායක මහතා සංචාරක අමාත්‍යාංශයේ ගෝලීය සිනමා හා රූපවාහිනී නිෂ්පාදන සම්බන්ධීකාරකවරයා වශයෙන් ඒ වෙනුවෙන් කටයුතු කරනු ඇත.

    අද දෙරණ Biz 24x7 සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සුනිල් රත්නායක මහතා කියා සිටියේ අතීතයේ දී ස්ටීවන් ස්පිල්බර්ග්, ඩේවිඩ් ලීන් වැනි ලෝක සිනමාවේ සම්මානනීය අධ්‍යක්ෂවරුන් සිය නිර්මාණ සඳහා ශ්‍රී ලංකාව යොදා ගත් බවත්, පසුකාලීනව රටේ ඇති වූ යුධමය වාතාවරණය හමුවේ බටහිර නිර්මාණකරුවන් ගේ අවධානය මැලේසියාව, තායිලන්තය, හොංකොං වැනි රටවලට යොමු වූ බවත් ය.

    චිත්‍රපට, රූපවාහිනී ප්‍රසාංගික ටෙලි නාට්‍ය, සජීවී වැඩසටහන්, වෙළෙඳ දැන්වීම්, වාර්තා වැඩසටහන් වැනි වැඩසටහන් රාශියක් දැනටමත් ශ්‍රී ලංකාව තුළ සාමාන්‍ය වශයෙන් සිදුකෙරෙන බව සුනිල් රත්නායක මහතා මෙහිදී පැවසීය. මේ හරහා වාර්ෂිකව ඩොලර් මිලියන 500 සිට ඩොලර් බිලියනයක් දක්වා වූ ආදායමක් ලැබීමේ විභවතාවක් ශ්‍රී ලංකාවට ඇති බව ඔහු මෙහිදී අවධාරණය කර සිටියේය.

    “බ්‍රිතාන්‍ය ITV නාලිකාව පසුගිය කාලයේ දී මෙරට රූපවාහිනී ප්‍රසාංගික ටෙලි නාට්‍යක් රූ ගත කළා. එහි නම Good Karma Hospital. එය ඉන්දියානු කතාවක්. ඒ වෙනුවෙන් කේරළයේ පසුතලයක් මුළුමනින්ම මෙරට ගාල්ල ප්‍රදේශයේ ගොඩනැගුවා. කොටස් 6 ක් කළා. ඒ සඳහා මාස 4 ½ ක් ගත වුණා. ඔවුන් ඊට පවුම් මිලියන 3.4 ක් වැය කළා“, යැයි සුනිල් රත්නායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates