ෆින්ලන්තයෙන් යූරෝ මිලියන 30 ක සහන ණයක්

    May, 24, 2017

    සිය 'රාජ්‍ය අංශ ආයෝජන පහසුකම් වැඩසටහන' යටතේ ශ්‍රී ලංකාව වෙත සහනදායී මූල්‍ය පහසුකම් නැවත සැලසීමට ෆින්ලන්ත රජය විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යනය සඳහා යොදාගැනීම පිණිස යුරෝ මිලියන 30ක් දක්වා වන ණය මුදලක් ලබාගැනීම සඳහා ෆින්ලන්ත රජය සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ.

    ශ්‍රී ලංකාව තුළ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම පිණිස ෆින්ලන්ත රජය විසින් 1983 සිට 2006 දක්වා සහනදායී මූල්‍යමය පහසුකම් සලසා දෙනු ලැබ ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates