May, 25, 2017
අමාත්‍යාංශයකට විෂයයන් වෙන්කර දීමේ බලය ඇත්තේ ජනාධිපතිතුමන්ට බවත්, ඒවා ගැසට් කරනතුරු ආදළ කරුණ සම්බන්ධයෙන් කිසිවක් හෝ පැවසිය නොහැකි බවත් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.
හිටපු මුදල් අමාත්‍යවරයා නව විදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පත්වීමත් සමඟම, මුදල් අමාත්‍යාංශය යටතේ පැවති ලොතරැයි මණ්ඩලය, මහපොළ අරමුදල වැනි ආයතන විදේශ කටයුතු අමාත්‍යාංශය යටතට පවරනවා දැයි යන්න පිළිබඳ මාධ්‍යවේදියකු කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් තමාගේ අදහස, එවැනි සිදුවීමක් වූවායින් පසුව දක්වනු ලබන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී සඳහන් කරන ලදී.
ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක දී මෙම සංවාදය සිදුවිය.
Video Story