May, 27, 2017
අධිවේගී මාර්ගයේ ගමන් ගැනීමට පෙර 1969 අමතා තමන් යාමට බලාපොරොත්තු වන මාර්ග පිළිබඳ දැනුවත් වන්නැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අද (27) සන්ධ්‍යාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මේ වන විට දොඩංගොඩ, වැලිපැන්න, මාතර ඇතුළු දකුණු අධිවේගී මාර්ගයේ පිවිසුම් ස්ථාන රැසක් ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රවේශ විය නොහැකි තත්ත්වයට පත්ව ඇති බව පැවසූ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නේ නම් 1969 අමතා සිය ගමනාන්තය පිළිබඳ පූර්ව දැනුවත් භාවයක් ඇතිව පමණක් ගමන් ගන්නා ලෙසයි.