රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයට බඳවා ගැනීමේ විභාගය කල් යයි

    May, 27, 2017

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය මත හෙට (28) දින පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය අවලංගු කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    මෙම විභාගයට පෙනී සිටීමට අයදුම්කරුවන් 93952ක් සුදුසුකම් ලබා සිටිති.

    මෙම විභාගය නැවත පැවැත්වෙන දිනයන් ඉදිරියේ දී දැනුම් දෙනු ලබන අතර දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍ර අවලංගු කෙරේ. නව විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේ දී නිකුත් කරන බව ඒ මහතා සඳහන් කරයි.

    මේ සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක මගින් විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතිමට කටයුතු කරන්න.
    දුරකථන අංක : 011 2785230 / 0112177075
    ක්ෂණික ඇමතුම් : 1911 (පැය 24 පුරා / 0112785212)

    Video Story

    Stock Market

    Exchange Rates