May, 29, 2017
සංචාරකයින්ට නිදහස්කාමී බවත්, ශාන්ත සෞන්දර්යාත්මක සුසංයෝගයකුත් සපයමින් මෑතකදී විවෘත වුණු සූරිය රෙසෝට් ඇන්ඩ් ස්පා හෝටලය මෙරට ගිණිකොන දිග මුහුදු වෙරළේ පිහිටා ඇති තරු හතරේ සුඛෝපභෝගී ගමනාන්තයකි. එහි විශේෂත්වය වන්නේ රන්වන් මුහුදු තීරයේ සුන්දරත්වය මෙන්ම වනජීවී විවිධත්වය ද එක හා සමාන ලෙසින් සමීප කිරීමට ඇති හැකියාව ය.
තංගල්ල රැකව ප්‍රදේශයේ පිහිටා ඇති හෝටලයේ කාමර 36කි. ඊට සුඛෝපභෝගී කාමර මෙන්ම ඉන්දියානු සාගරයේ මනරම් දර්ශනයක් ගෙනෙන suite මාදිලියේ කාමර ද ඇතුළත් වේ. දෙස් විදෙස් සංචාරකයින් සියලු දෙනාටම එක හා සමාන සේවාවක් සලසන සූරිය රෙසෝට් ඇන්ඩ් ස්පා හෝටලයටම වෙන්වුණු වෙරළ තීරයක් පවතින නිසා මධුසමය ගතකිරීම සඳහා ද මනාව ගැලපේ. තව ද ආයුර්වේද ස්පා, ව්‍යායාම් මධ්‍යස්ථානය, එළිමහන් පිහිනුම් තටාකය හා තවත් බොහෝ පහසුකම් සමඟින් විවේකී නිවාඩුවකට අවශ්‍ය කදිම වටපිටාවක් එහි පවතී.
ලෝන්ජ් බාර්, මුහුද දෙසට විවෘත වුණු අවන්හල, සම්මන්ත්රණ පහසුකම් මෙන්ම පැය විසිහතර පුරා ක්‍රියාත්මක ඉදිරි කාර්යාලයක් හා ආරක්ෂක සේවයක්, වයි ෆයි, දිනපතා කාමර පවිත්‍රතා සේවා, රෝද පුටු මගින් ප්‍රවේශ පහසුකම් ආදිය හෝටලයේ සුවපහසුව තවත් වර්ධනය කරයි. එමෙන්ම කාමරවල නවීන තාක්ෂණය රැගත් පහසුකම් මෙන්ම වැඩි ඉඩක් සහිත බැල්කනියක් ද සුවපහසු ගෘහ භාණ්ඩ සමඟ පෙළගස්වා තිබේ. නවීන තාලයේ විලාසිතාවට ඉදිකර ඇති කාමරවල සුන්දරත්වය තවතවත් තීව්ර කිරීමට ඒවායේ දක්නට ලැබෙන සිතුවම් සමත්ව ඇත.
ජනප්‍රිය සංචාරක ගමනාන්ත රැසකට යාබදව හෝටලය පිහිටා තිබීම ද විශේෂත්වයකි. ලෝකයේ වැඩිම දිවි ඝනත්වයක් සිටින වනාන්තරය වන යාල, දර්ශනීය ගුහා ආරාම සහිත ඉපැරණි සිද්ධස්ථානයක් වන මුල්ගිරිගල, බෞද්ධ, හින්දු හා මුස්ලිම් සියලුදෙනාගේ පැමිණීම සහිත දිවයිනේ ශුද්ධ වූ භූමියක් ලෙස සැලකෙන කතරගම, තල්මසුන් නැරඹීමේ කේන්ද්රයක්වන මිරිස්ස, මෙරට යටත්විජිත සමයේ ලක්ෂණ වැඩියෙන්ම ආරක්ෂා වී තිබෙන නගරය සේ සැලකෙන ගාලු කොටුව ආදී ස්ථානවලට හෝටලයේ සිට පහසුවෙන් ළඟාවීමට හැකිය.
ප්‍රවාහන පහසුකම්, ව්‍යාපාර සේවා, මුහුදු වෙරළ, ගුවන්තොටුපොළ ප්‍රවාහනය ඇතුළු අද්විතීය ආගන්තුක සත්කාර සේවා රැසක් හෝටලයෙන් හිමිවේ. බයිසිකල් කුලියට ගෙන පැදීමට අවස්ථාව ඇති අතර මාළු ඇල්ලීම සඳහා වුවද අවස්ථාවන් උදා කරදෙයි.
රැකව යනු නිදහස් වෙරළ පරිසරයක් මෙන්ම අවට වනජීවී සුන්දරත්වයත් මුසු වුණු සොඳුරු ධීවර ගම්මානයකි. ජලජ ජීවින් රැසකට නිවහන වී තිබෙන රැකව කැස්බෑවුන්ගේ රජ දහනක් ලෙස ද ප්‍රකට ය. එම මුහුදු තීරයේ කැස්බෑවුන් බෝ කරන ස්ථාන රැසක්ම පිහිටා තිබේ. මේ පසුබිම තුළ රැකව යනු වඩාත් සුපසන් හා අත්දැකීම් කැන්දන ගමනාන්තයක් බවට විවාදයක් නැත.
වෙරළ තීරයේ සිට කලපුවත්, වගුරු බිම් සිට කොරල් පර, කඩොලාන දක්වාත් විශාල බිම් පෙදෙසකට හිමිකම් කියන සූරිය රෙසෝට් ඇන්ඩ් ස්පා හෝටලය එහි පහසුකම් අත්විඳින සංචාරකයින්ට ජීවිතයේ කිසිදා අමතක නොවන මිහිරි අත්දැකීම් සමීප කරන අතර හෝටලය අවට සොබාදහමේ ආරක්ෂාව වෙනුවෙන් ද සුවිශේෂ කැපවීමක් ගෙන ක්‍රියාකරයි.
Video Story