May, 30, 2017
ගංවතුර හා නායයෑම් තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇතුළු ව්‍යවසායන් යළි නඟාසිටුවීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන ලෙස රජය, බැංකු හා මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.
පසුගිය දා අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා බැංකු අංශය නියෝජනය කරමින් එහි සිටි නිලධාරීන්ගෙන් මෙම ඉල්ලීම සිදු කළේය.මෙම හමුවට ශ්‍රී ලංකා මහ බංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, රාජ්‍ය හා පෞද්ගලික අංශ බැංකු හා මූල්යයාතන නියෝජිතයින් පිරිසක් එක් වී සිටියහ.
මේ අතර ගංවතුර හා නායයාම්වලින් හානියට පත් කුඩා කර්මාන්ත නැවත පිළිසකර කර නගා සිටුවීමට මහාභාණ්ඩාගාරයෙන් රුපියල් රුපියල් මිලියන 200 ක් වෙන්කිරීමට රජය කටයුතු කර ඇති බව රජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසා සිටී. තවද අඩාල වූ ජනජීවිතය හා ආර්ථිකය යළි යථා තත්ත්වය පත්කරලීමට රජය හැකි උපරින් කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
Video Story