May, 29, 2017
ශ‍්‍රී ලාංකික මෙන්ම සකල ලෝක වාසී බෞද්ධ ජනතාවගේ ඉහළම භක්ත්‍යාදරයට පාත‍්‍ර වූ සම්බුදු තෙමඟුල සමරමින් ශීල ව්‍යාපාර පුණ්‍යකර්මයක් සිය මූලස්ථාන කාර්යාලයේදී පැවැත්වීමට සම්පත් බැංකුව පසුගිය වෙසක් දිනයේ කටයුතු කළේය. සම්පත් බැංකු කාර්යමණ්ඩලයේ බෞද්ධ සංගමය විසින් මෙම ශීල ව්‍යාපාරය සංවිධානය කරන ලදී.
සම්පත් බැංකුවේ කාර්යමණ්ඩලය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්, සම්පත් බැංකුවේ විශ‍්‍රාමික සාමාජික සාමාජිකාවන් ඇතුළු 200කට අධික පිරිසක් මෙහිදී අෂ්ඨාංගික ශීලය සමාදන් වූහ. දිවයිනේ ගෞරවාදරයට පාත‍්‍රවූ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගේ දායකත්වය මේ සඳහා ලැබුණු අතර සිල් සමාදන් වූ පිරිසට උදෑසන සහ දහවල් දානය පිරිනැමීමද සිදු කරන ලදී. සම්පත් බැංකුව මෙම වර්ෂයේදී සිය 30 වැනි සංවත්සරය සැමරීමට සමගාමීව තවත් මෙවැනි ආගමික වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.


Video Story