පාකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක්

    May, 31, 2017

    ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති මූල්‍යයනය කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබා දීමට පාකිස්තානු රජය එකඟ වී ඇත.

    නිවාස ඉදි කිරීම, පශු සම්පත් නඟා සිටුවීමට අවශ්‍ය සතුන් ආනයනය, කෘෂිකර්මාන්තය හා කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර ආනයනය, කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සංවර්ධනය කිරීම වැනි කාර්යයන් සඳහා මෙම ණය පහසුකම උපයෝගි කරගනු ඇත.

    ඒ අනුව, පාකිස්තානු රජය සමඟ ඊට අදාළ ණය ගිවිසුමට එළඹීම පිණිස හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කර තිබූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates