May, 31, 2017
රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකරන මහරගම ජාතික තරුණ සේවා සභාව හා තවත් රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක් වෙත ෆෝඩ් රේන්ජර් (Ford Ranger) ඩබල් කැබ් රථ 17ක් පිරිනැමීමට ෆෝඩ් මෝටර් රථ සමාගමේ දේශීය නියෝජිතයා වන Future Automobiles පුද්ගලික සමාගම පසුගියදා පියවර ගත්තේය. Future Automobiles යනු සොෆ්ට්ලොජික් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයකි.
මේ අතර තවත් ෆෝඩ් රේන්ජර් ඩබල් කැබ් රථ 15ක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ලබාදුන් අතර ලංකා බැංකුව විසින් මිලදී ගනු ලැබු එම වර්ගයේ ඩබල් කැබ් රථ ගණන 10කි.
Future Automobiles පුද්ගලික සමාගම 2011 වසරේ පටන් ෆෝඩ් සමාගමේ දේශීය නියෝජිතයා වශයෙන් කටයුතු කරන අතර අමතර කොටස්, සේවාවන්, වාහන අලෙවි යන අංශ තුනම ඇතුළත් එහි ප්‍රධාන ප්‍රදර්ශනාගාරය බත්තරමුල්ලේ පිහිටා ඇත. ෆෝඩ් වාහන වෙත පුළුල් සේවාවක් සලසමින්, මේ වනවිට වාහනය ඇති ස්ථානයටම පැමිණ ලිහිසි තෙල් හා අත්‍යවශ්‍ය නඩත්තු සේවාවන් සැපයීමට ද Future Automobiles සමාගම කටයුතු යොදා තිබේ.
මටසිළුටු නිමාව, රළු මාර්ග ඇතුළු ඕනෑම භූමියක භාවිතයට පහසුවීම, ආරක්ෂාව පිළිබඳ ආසියානු ENCAP තරු පහේ සහතිකය, ඉන්ධන කාර්යක්ෂමතාව ආදිය හරහා ශ්‍රී ලංකාව තුළ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇති ෆෝඩ් රේන්ජර් ඩබල් කැබ්රථ පෙළට විශිෂ්ට පසු අලෙවි සේවාවක් ද හිමිවේ.
“අප මේ රාජ්‍ය ආයතන වෙත ලබාදීලා තියෙන්නේ විශිෂ්ට පසු අලෙවි සේවාවක් සහිත උසස්ම තත්ත්වයේ නිෂ්පාදනයක්. මේ ඩබල් කැබ් රථ මිලදීගැනීමේ වාසිය තමයි අවශ්‍ය ඕනෑම විටෙකදී නඩත්තු සේවාවන් ලබාගැනීමට ඇති පහසුව” යනුවෙන් Future Automobiles සමාගමේ විකිණුම් හා අලෙවි අංශ ප්‍රධානී ගිහාන් විතාරණ මහතා පැවසීය.
මෙහිදී අදහස් දක්වමින් Future Automobiles සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චමත් තෙන්නකෝන් මහතා සඳහන් කළේ, රාජ්‍ය අංශය හා එක්ව කටයුතු කිරීමට ලැබීම මහත් සතුටක් වන බව ය. මේ හරහා අදාළ රාජ්‍ය ආයතනවලට Future Automobiles සමාගම විසින් පිරිනමනු ලබන ෆෝඩ්හි ඉංජිනේරු සේවා විශිෂ්ටත්වය, අද්විතීය නිර්මාණශීලීත්වය මෙන්ම සුවිශේෂී පසු අලෙවි සේවාවේ ප්රතිලාභ ද හිමිවන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
Video Story