May, 31, 2017
මෙරට විශාලත ම වෙළඳපලවන ikman.lk, පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු LMD 2017 වාර්ෂික සන්නාම සංස්කරණය විසින් මෙරට සවිමත් ම සහ වඩාත් ජනාදරයට පාත්‍ර වූ ඉ-වාණිජ සන්නාම අතර දෙවන ස්ථානයේ වර්ගීකරණය කරනු ලැබ ඇත.
තාක්ෂණික වශයෙන් නව්යකරණයවන නැගී එන ඉ-වාණිජ සන්නාම ඇගයුමට ලක් කරමින් LMD සඟරාව සිය වර්ගීකරණය සඳහා ඉ-වාණිජ සන්නාම ඇතුළත් කළ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.
බ්‍රෑන්ඩ් ලංකා ෆිනෑන්ස් ආයතනය විසින් සිදු කරනු ලබන ස්වාධීන සමීක්ෂණයක් ආශ්රයෙන් ප්‍රතිඵල නිකුත් කෙරේ. තිර ගැන්වීම, ඉදිරි ප්‍රතිචාර දක්වන්නන්, නියැදි ජනගහනය සහ භූ ගෝලීය ආවරණය යන නිර්ණායක හතර ආශ්රයෙන් 1,700 කට අධික ප්‍රතිචාර දක්වන්නන් සංඛ්‍යාවකට ප්‍රශ්නාවලියක් නිකුත් කෙරෙන අතර, ඔවුන්ට 1 සිට 10 දක්වා ලකුණු ලබා දිය හැකිය. මෙම ප්‍රතිඵලවලට අනුව අනෙකුත් අන්තර්ජාල භාණ්ඩ හා සේවා වෙළඳපල අතර වැඩිම ලකුණු හිමිකර ගනිමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට ikman.lk සමත් විය.
2012 වසරේදී මෙරට ජනතාවට පළමු වරට හඳුන්වා දෙන ලද ikman.lk, පාරිභෝගිකයා හට වඩාත් පහසු, වේගවත් සහ වියදම් කාර්යක්ෂම ගැනුම් සහ විකුණුම් අත්දැකීමක් හිමිකර දීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළේය. එතැන් පටන් වේගයෙන් ජනතාව අතර ජනප්‍රිය වූ ikman.lk, වර්තමානයවන විට මෙරට අලෙවිකරුවන්ගේ සහ ගැනුම්කරුවන්ගේ නොබිඳෙන විශ්වාසය හිමිකර ගැනීමට සමත්ව සිටී. ikman.lk යනු ගැනුම්කරුවන්ට සහ විකුණුම්කරුවන්ට ඕනෑම භාණ්ඩයක් පාහේ මිලදී ගැනීමටත්, අලෙවි කිරීමටත් පහසුකම් සලසන අන්තර්ජාල මධ්‍යස්ථානයකි. අන්තර්ජාල වෙළඳපලක් ලෙස මෙහිදී පාරිභෝගිකයන් හට හිමිවන පහසුව ikman.lk අනෙකුත් එවැනි වෙළඳපල අතර කැපී පෙනීමට හේතු වී ඇත.
2017 වසරේ අප්‍රේල් මාසයවන විට වෙබ් අඩවිය වෙත පිවිසි පිරිස මිලියන 2 ඉක්මවූ අතර, මිලදී ගැනීම් සඳහා කැමැත්ත පළ කළ ගැනුම්කරුවන්ගේ සංඛ්‍යාව ද මිලියන 2 ඉක්මවීය. සියලු ම ඛාණ්ඩ යටතේ දැන්වීම් 60,000 කට අධික ප්‍රමාණයක් පවත්වා ගැනීමටත්, සජීවී දැන්වීම් 150,000 කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කිරීමටත් ikman.lk සමත් විය. මාස දෙකකට පසුව දැන්වීම් ස්වයංක්‍රියව ඉවත් කෙරෙන ක්‍රමවේදයක් තුළ එම දැන්වීම් ප්‍රමාණය ඉතා විශාල අගයකි. ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් යළි යළිත් වෙබ් අඩවිය වෙත ආකර්ෂණය කර ගැනීම, ගනුදෙනු සිදු කිරීම සහ වෙබ් අඩවියේ ළෙන්ගතු පාරිභෝගික පදනම තවත් වර්ධනය කර ගැනීම සඳහා උපයෝගීවන විවිධ විශේෂාංග රැසක් සිය වෙබ් අඩවියට එක් කිරීම සඳහා ikman.lk කටයුතු කළේ වේගයෙන් වර්ධනයවන එම ජනප්‍රියත්වය හේතුවෙනි. සියලු පාර්ශ්වකරුවන් හට ප්රතිලාභ ලබා දීම සඳහා ikman.lk ikman Deals, Memberships, භාණ්ඩ යොමු කිරීමේ විකල්පයක් සහ ප්රමුඛ ලැයිස්තුගත දීමනා සමගින් Buy Now ආදී විශේෂාංග රැසක් ඒ අනුව සිය වෙබ් අඩවියට ඇතුළත් කිරීමට ikman.lk කටයුතු කර ඇත.
පුළුල් පරාසයක විහිදුනු සේවාවක් මෙරට ජනතාව වෙත දායාද කිරීම සඳහා මෝටර් රථ සහ වාහන, නිවාස සහ දේපළ, ගෘහ උපකරණ, විදුලි උපකරණ සහ විදුලි උපාංග, විලාසිතා, සෞඛ්‍ය සහ රූපලාවන්‍ය, විනෝදාංශ, ක්‍රීඩා සහ ළදරු උපාංග, මෙරට රැකියා, සේවා, ව්‍යාපාර සහ කර්මාන්ත, අධ්‍යාපන, විදේශ රැකියා අවස්ථා, ආහාර සහ කෘෂිකාර්මික ඇතුළු ඛාණ්ඩ රැසක් ඇතුළත් කිරීමට ikman.lk කටයුතු කර ඇත.
තවද, Google Analytics අන්තර්ජාල මෙවලමට අනුව එක් භාවිත කරන්නෙකු ikman.lk වෙබ් අඩවිය තුළ රැඳී සිටින සාමාන්‍ය කාලය විනාඩි 15ක් පමණවන අතර එය අනෙකුත් මෙවැනි වර්ගයේ වෙබ් අඩවි සමග සැසඳීමේදී ඉතා ඉහල අගයකි.
"ප්‍රමුඛත ම අන්තර්ජාල වෙළඳපල ලෙස වර්ගීකරණයට ලක් වීමත් සමග අප මෙරට ඉ-වාණිජ ක්ෂේත්රය තුළ අත්පත් කර ගෙන ඇති හිමිකාරිත්වය තවදුරටත් තහවුරු වනවා. අප පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ සහ සේවා සොයා ගත හැකි වඩාත් පහසු ම ක්‍රමවේදය අප හඳුන්වා දී තිබෙනවා. අප විසින් පිරිනමනු ලබන අමතර සේවාවන් හේතුවෙන් අන්තර්ජාල වෙළඳපල ක්ෂේත්රයේ මෙරට ජනතාවගේ අංක එකේ තේරීම බවට පත් වීමට අපට හැකි වී තිබෙනවා" යනුවෙන් ikman.lk අලෙවි සහ විකුණුම් අධ්යක්ෂ ස්ටෙෆාන් බීක්මේයර් මහතා සඳහන් කළේය.
Video Story