සියලු නිවාස රක්ෂණය කොට තිබෙනවා – අමාත්‍ය අනුර යාපා

    May, 31, 2017

    රටේ සිටලු ම නිවාස රක්ෂණ ආවරණයට භාජනය කළ දකුණු ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව බවත් එම රක්ෂණ ක්‍රමය 2016 වසරේ දී ආරම්භ කළ බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    පසුගිය කාලයේ දී විනාශයට පත් වූ සාලාව ප්‍රදේශයේ දේපළ සඳහා 90%ක් වන්දි ගෙවා අවසන් අතර ම ඉතිරිය තක්සේරු වාර්තා නොමැතිවීම හේතුවෙන් ප්‍රමාදව පවතින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා මීරියබැද්ද ප්‍රදේශයේ අවතැන්වූවන් වෙනුවෙන් නිවාස ඉදිකර දී අවසන් ව ඇතැයි ද සාමසර කන්ද ප්‍රදේශයේ ජනතාව වෙත නිවාස ලබාදීම ක්‍රම දෙකක් යටතේ ලබාදෙමින් පවතින බවත් පෙන්වා දුනි.

    Video Story

    Stock Market

    Exchange Rates