June, 5, 2017
එමිරේට්ස්, එටිහාඩ්, ෆ්ලයිඩුබායි හා එයාර් ඇරබියා යන ගුවන් සේවා කටාර් හි දෝහා සිට/ දක්වා පවත්වනු ලබන සියලූම ගුවන් ගමන් හෙට දින (06) සිට නවතා දමන බව සඳහන් කර සිටී.
මේ අතර එමිරේට්ස් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ දෝහා වෙත ගමන් ගන්නා EK847 යානය වන හෙට (06) පෙරවරු 2.30 ට පිටත් වන බවත්, දෝහා සිට ඩුබායි දක්වා ගමන් ගන්නා EK848 යානය පෙරවරු 3.50 ට පියාසර කිරීමෙන් පසු නැවත දැනුම් දෙන තුරු ගුවන්ගමන් අත්හිටුටා ඇති බවත්ය.
මෙහිදී අපහසුතාවයට පත්වන මගීන් හට කලින් වෙන්කරන ලද ටිකට් පත් වෙනුවෙන් මුදල් ආපසු ලබා ගැනීම ඇතුළු විකල්පයන් ගණනාවක් සිය සමාගම විසින් ඉදිරිපත් කර ඇති බවත් ඒ සඳහා දේශීය එමිරේට්ස් ඇමතුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ වීමෙන් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගත හැකි බවත්ය.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආණ්ඩුවේ උපදෙස් පරිදි එමිරේට්ස් ගුවන් සේවය මෙම පියවර ගෙන ඇත.
Video Story