June, 6, 2017
කටාර් රියාල් භාර නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනෙකුත් බැංකුවලට දැනුම් දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව තරයේ ප්‍රතික්ෂේප කර සිටී.
කෙසේ වෙතත් කටුනායක ගුවන්තොටුපළේ බැංකු ශාඛා විසින් කටාර් රියාල් මුදල් වර්ග හුවමාරුව මේ වන විට තාවකාලිකව නවතා දමා ඇති බව අද දෙරණ කළ විමසීමක දී ගුවන්තොටුපල කාර්යභාර කළමනාකරු සඳහන් කර සිටියේය.
Video Story