සිටි සෙන්ටර් ඇතුළට ඔඩෙල් එයි

    June, 13, 2017

    කොළඹ 02, සර් ජේම්ස් පීරිස් මාවතේ බේරේ වැව ඉදිරිපිට දී මේ වන විට ඉදි වෙමින් පවතින Colombo City Centre සුපිරි සාප්පු සංකීර්ණයේ වර්ග අඩි 39,560 ක අවකාශයක් මිල දී ගත් බව මෙරට ප්‍රමුඛතම නිමි ඇඳුම් හා විලාසිතා සමාගමක් වන ඔඩෙල් පීඑල්සී කියා සිටී.

    කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ බව දැනුම් දෙමින් ඔඩෙල් පීඑල්සී ඇඩිදුරටත් අනාවරණය කර සිටින්නේ මෙම අවකාශයෙන් වර්ග අඩි 19,237 ක් Odel Department Store හා Odel Sports Store සඳහා භාවිතයට ගැනෙන බවයි.

    ඉතිරි වර්ග අඩි 20,323 ඔඩෙල් හි අනුබද්ධ සමාගමක් වන සොෆ්ට්ලොජික් බ්‍රෑන්ඩ්ස් (පුද්) සමාගම විසින් උපයෝජනයට ගැනීමට නියමිත අතර ඔවුන්ගේ ජාත්‍යන්තර වෙළෙඳ සන්නාමයන් එහි දී දැකගත හැකි වනු ඇත.

    මේ සඳහා වන ගිවිසුමට පසුගිය ජූනි 07 වැනි දින එළඹ තිබේ.

    Colombo City Centre මෙම වසර අගභාගයේ දී විවෘත වීමට නියමිත අතර එය මහල් 47 කින් යුතු මිශ්‍ර ව්‍යාපෘති සංකීර්ණයකි.