ආසිරි, සෙලාන්, ටෝක්යෝ සිමෙන්ට් S&P SL 20 ට එයි

    June, 16, 2017

    S&P Dow Jones Indices විසින් 2017  පළමුවන අර්ධ වර්ෂය සඳහා කරනු ලැබු දර්ශක සැකසීමට අනුව S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අදාලව පහත දැක්වෙන වෙනස්කම් වූ බව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව මෙසේ දැනුම් දෙයි.

    2017 මාර්තු මස සිදුකල දර්ශක ක්‍රමවේදී සංශෝධයට අනුව, මින් ඉදිරියට අර්ධ වාර්ෂිකව දර්ශකය නැවත සැකසීම ආරම්භ කල අතර ජුනි හා දෙසැම්බර් යන මාස තුල මෙය සිදු කරුනු ලැබේ. මීට පෙර මෙය වාර්ෂිකව සිදුකර ඇත. තවද, මෙම සංශෝධනයට අනුව S & P ශ්‍රී ලංකා 20 දර්ශකයට (S&P Sri Lanka 20) අදාළ සමාගම්වල ලැයිස්තුගත වී ඇති නිෂ්ඡන්ද කොටස්, ඔවුන්ගේ ද්‍රවශීලතා සුදුසුකම් සපුරාලීමෙන් පසුව S&P SL20 දර්ශකයට අන්තර්ගත කරනු ලැබේ.

    2017 ජුනි මස 19 වන දින සිට බලපැවැත්වෙන පරිදී S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට ඇතුලත් වීම සඳහා අදාළ වන සුදුසුකම් පුරණය කිරීම මත සමාගම් දර්ශකයට අලුතෙන් ඇතුලත් වීම හා දර්ශකයෙන් ඉවත් වීම පහත අයුරින් සිදු වී ඇත.

    දර්ශකයෙන් ඉවත් වන සමාගම්

    • ආසිරි හොස්පිටල් හෝල්ඩින්ග්ස් පී.එල්.සී
    • කාගිල්ස් සීලෝන් පී.එල්.සී
    • ඩයලෝග් ඇක්සීයේටා පී.එල්.සී

    දර්ශකයට අලුතෙන් ඇතුලත් වන සමාගම්

    • හේලිස් පී.එල්.සී
    • සෙලාන් බෑන්ක් පී.එල්.සී
    • ටෝක්යෝ සිමෙන්ට් කම්පැනී (ලංකා) පී.එල්.සී

    කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් අතුරින් අවම මට්ටම සම්පුර්ණය කරන්නාවූ වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයකින් යුත් සමාගම් අතරින් විශාලත්වය (වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය), ද්‍රවශීලතාව හා මූල්‍ය ශක්‍යතාව යන සාධක කෙරෙහි අවධානය යොමුකොට තෝරාගත් සමාගම් 20ක් මෙම දර්ශකය ගණනය කිරීමට භාවීත කරනු ලබයි. මෙම සමාගම් 20 චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණය (Float-adjusted market capitalization) මහින් බර තබා ඇත්තේ තනි සමාගමක නියෝජනය 15%ක උපරිමයකට යටත් කිරීම හරහා ආයෝජන කළඹෙහි විවිධාංගීකරණය තව දුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණෙනි.

    S&P ශ්‍රී ලංකා 20 දර්ශකය අන්තර්ජාතික ප්‍රමිතීන් හා පිළිවෙත් වලට අනුව යමින් නිර්මාණය වි ඇත. මෙහිදී සියලූම කොටස් S&P Dow Jones Indices සහ MCSI යන ආයතන විසින් නිර්මාණය කරන ලද ගෝලීය කර්මාන්ත වර්ගීකරණ ප්‍රමිතින්ට (Global Industry Classification Standard) (GICS) අනුව සලකා බලා වර්ගීකරණයට ලක්වේ. මෙම ක්‍රමවේදය ලොව පුරා සිටින වෙළෙඳපොල සහභාගීකරුවන් විසින් ඉතා පුළුල් ලෙස හාවීතයට ගනු ලබයි. S&P ශ්‍රී ලංකා 20 දර්ශකයට අන්තර්ගතවීම සඳහා එක සමාගමක් සතුව අවම වශයෙන් රුපියල් මිලියන 500ක චලිත වෙළෙඳපොල ප්‍රාග්ධනීකරණයක් තිබීම, මාස 6ක මධ්‍යස්ථ දෛනික ගනුදෙනු වටිනාකම රුපියල්මිලියන 0.5කට නොඅඩුවීම, නැවත සංසන්දනය කිරීම සිදුකරන දිනයට පෙර මාස තුනක කාලය තුල එක මසකදී අවම වශයෙන් දින 10 කදී ගනුදෙනු වී තිබීම හා එම දිනයට පෙර මාස 12ක කාලය තුළ ලාභ උපයා තිබීම අවශ්‍ය වේ. වැඩි විස්තර හා සම්පුර්ණ ගණනය කිරීමේ ක්‍රමවේදය සඳහා www.spindices.com  වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

    S&P ශ්‍රී ලංකා 20 දර්ශකයෙහි 2017 ජුනි මස 19වන දින සිට අදාළ වන කොටස් සමුහයන් වන්නේ (නිෂ්ඡන්ද කොටස් සතර ඇතුළුව)

     

    1. ඇක්සෙස් ඒන්ජිනියරින් පී.එල්.සී N0000
    2. එයිට්කන් ස්පෙන්ස් පී.එල්.සී N0000
    3. සීලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පී.එල්.සී N0000
    4. සිලෝන් ටෝබැකෝ කම්පැනී පී.එල්.සී N0000
    5. චෙව්රොන්ලූබ්රිකන්ට්ස් ලංකා පී.එල්.සී N0000
    6. කොමර්ෂල් බැංකුව පී.එල්.සී N0000
    7. කොමර්ෂල් බැංකුව පී.එල්.සී නිෂ්ඡන්ද කොටස් X0000
    8. ඩි. එෆ්.සී.සී. බැංකුව පී.එල්.සී N0000
    9. හැටන් නැෂනල් බැංකුව පී.එල්.සී N0000
    10. හැටන් නැෂනල් බැංකුව පී.එල්.සී නිෂ්ඡන්ද කොටස් X0000
    11. හේලිස් පී.එල්.සී N0000
    12. හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී N0000
    13. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී N0000
    14. ලංකා ඔරික්ස් ලීසිං කම්පැනී පී.එල්.සී N0000
    15. මෙල්ස්ටාකෝප් පී.එල්.සී N0000
    16. නැෂනල් ඩේවෙලෝප්මන්ට් බැංකුව පී.එල්.සී N0000
    17. නෙස්ට්ලේ ලංකා පී.එල්.සී N0000
    18. පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනැන්ස් පී.එල්.සී N0000
    19. සම්පත් බැංකුව පී.එල්.සී N0000
    20. සෙලාන් බැංකුව පී.එල්.සී N0000
    21. සෙලාන් බැංකුව පී.එල්.සී නිෂ්ඡන්ද කොටස්                 X0000
    22. ටිජේ ලංකා පී.එල්.සී N0000
    23. ටෝක්යෝ සිමෙන්ට් කම්පැනී ලංකා පී.එල්.සී N0000
    24. ටෝක්යෝ සිමෙන්ට් කම්පැනී ලංකා පී.එල්.සී නිෂ්ඡන්ද කොටස් X0000