ප්‍රති අපනයනය සඳහා තේ ආනයනයේ දී පාලන ගාස්තුව අහෝසියි

    June, 21, 2017

    2017 අයවැය යෝජනා අනුව ප්‍රති අපනයනය සඳහා තේ ආනයනය කිරීමේදී තේ වල මි.ර.ගැ. (CIF) වටිනාකම මත අය කරනු ලබන 1% ක ආනයන පාලන ගාස්තුව අහෝසි කිරීමට යෝජනා වී ඇත.

     

    ඒ අනුව, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව සැලකිල්ලට ගනිමින්, 2016‑02‑11 දිනැති අංක 1953/28 දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය එහි උපලේඛන 1හි අනු අංක 46 අයිතමය ඉවත් කර සංශෝධනය කිරීම මඟින් එකී ආනයන පාලන ගාස්තුව අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලද අතර ප්‍රති අපනයනය පිණිස තේ ආනයනය කිරීම සඳහා නිකුත් කරනු ලබන සෑම බලපත්‍රයක් සඳහාම රුපියල් 1,000/- බලපත්‍ර ගාස්තුවක් අය කිරීමට තීරණය කරන ලදී.